









දරුවන් රැකගමු - සමසේ සළකමු ' තේමා පාඨය කරගනිමින් මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලයේ 2024 වර්ෂයේ ඔක්තෝම්බර් මස 1 දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් අප පාසලේ දරු දැරියන් උදෙසා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් පැවැත්වෙන ලෝක ළමා දින උත්සවය අප විද්‍යාලයේ පවත්වනු ලැබීය. ඒ සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් එදින දවස පුරා දරුවන් උදෙසා විවිධ වැඩ සටහන් පැවැත්විණී. එමෙන්ම විදුහල්පතිතුමිය ඇතුලු අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් අති උත්කර්ශවත් ලෙස සංවිධානය කළ නැටුම් හා ගැයුම් තුළින් උත්සව සභාව මනරම් විය. ඒ අනුව එදින වැඩ කටයුතු ඉතා සාර්ථක ලෙස නිමකිරීමට හැකියාව ලැබුණි. "පාසලේ සිසු දැරිදැරියන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් ඉතා සිත් ගන්නා සුලු මනරම් නැටුම් ගැයුම් තරඟ ආදී විවිධ ප්‍රසංග රාශියක් ඉදිරිපත් කිරීමට සමත්විය. ඒසේම පාසලේ දරු දැරියන් උදෙසා දිවා ආහාරයද , ත්‍යාග බෙදාදීම් ද සිදුවිය.