පාසල් ගීතය
කිතුරැස සුපතල - ගුණ ගණ ලංකික
තුඹේ කනිටු විදුහල් මෑණි
ඔබේ මුදු ගුණයේ සිසිලස සිහි කර
නමදිමු හද බැතිණි
සුන්දර සිරි රැදුනි - කදු ගැටයක රමණි
මිණි පහනක් සේ ආලෝකය දී - මග පෙන්වයි මෑණි
විජය ධජය ඔබ වේ - අප ආලෝකය ඔබ වේ
අප යන මාවත ඒහි ආලෝකය - අප විදුහල් මැණී
කිතුරැස සුපතල - ගුණ ගණ ලංකික
තුඹේ කනිටු විදුහල් මෑණි
ඔබේ මුදු ගුණයේ සිසිලස සිහි කර
නමදිමු හද බැතිණි